මාලදිවයින් විදේශ ඇමති අගමැති සහ විපක්ෂ නායක හමුවෙයි

Thursday, 09 May 2019 - 7:34

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඞ් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ඊයේ සිදුවුණා.

ඒ අරලියගහ මන්දිරයේදියි. එහිදී රට තුළ ඒකීයභාවය ආරක්ෂා කරගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා ප්‍රශංසාව පළ කර තිබෙනවා.

එමෙන්ම දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කරගැනිම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වූ බවයි ආග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

මේ අතර මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ විජේරාමයේ පිහිටි නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂද හමුවී සාකච්ඡා කර තිබුණා.

එහිදී ඔහු විපක්ෂ නායකවරයා හමුවේ පසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කණගාටුව පළ කළ බවයි විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ.

මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවරයින් සහ යාත්‍රා 4 ක් ද කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා බවද විදේශ කටයුතු අමාත්‍යවරයා විපක්ෂ නායකවරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories