ජනපති, කාදිනල්තුමන් ඇතුලු රදගුරු මණ්ඩලය හමුවෙයි

Thursday, 09 May 2019 - 12:57

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%9A%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%BB%E0%B6%AF%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරු මණ්ඩලය හමුවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා කතෝලික රඳගුරු සම්මේලන මධ්‍යස්ථානයේ අගරදගුරු හිමිපාණන් ඇතුලූ රදගුරු මණ්ඩලය මාධ්‍ය හමුවක් කැඳවා තිබු අතර, ඊට පෙරයි ජනාධීපතිවරයා එහි ගොස් උන්වහන්සේලා හමුවී ඇත්තේ.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදුටුවා. පළමුවෙන්ම මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේ සමඟ විනාඩි 45 කට ආසන්න කාලයක් සාකච්ඡාවක නිරතවූ බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන්ද බැහැදුටුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories