මඩකලපුවේ විශ්වවිද්‍යාලය ගැන පරීක්ෂණයක් ඉල්ලයි

Thursday, 09 May 2019 - 13:20

%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මඩකලපුවේ ආරම්භ කර ඇති පෞද්ගලික විශ්වවිද්‍යාලයට කර ඇති ආයෝජනයෙන් වැඩි කොටසක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එම්.එල්.එම්. හිස්බුල්ලාගේ පුත්‍රයෙකුට අයත් වන්නේ කෙසේදැයි පරීක්ෂණයක් පවත්වන ලෙසට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න යොමු කරන අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් විමසා සිටි අතර, ඊට පිළිතුරු ලබාදීමේදී රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන, කථානායක කරූ ජයසුරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිද මැදිහත් වුණා.

විදේශ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 6 ක් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පසුව විවාදයට ගැනීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories