ලබන ඉරිදා සිට කොළඹ දේවස්ථානවල ඉරුදින දේව මෙහෙයන් ඇරඹේ

Thursday, 09 May 2019 - 15:49

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B6%89%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ලබන ඉරිදා සිට කොළඹ දේවස්ථානවල දේව මෙහෙයන් ඇරඹේ - දින 18 කට පසු කටුවපිටියේත් දිව්‍ය පූජා

කොළඹ ක්‍රිස්තියානි දේවස්ථානවල ඉරිදා දේව මෙහෙයන් එළඹෙන ඉරුදින සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

ඒ, කතෝලික රදගුරු සම්මේලන ශාලාවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පවතින ආරක්ෂක වැඩපිළිවෙල සලකා බලා සෙසු පළාත්වල දේව මෙහෙයන් පැවැත්වීම පිළිබදව තීරණය කරන ලෙස අදාළ ප්‍රදේශවල රදගුරුතුමන්ට දැනුම්දී ඇති බව ද අගරදගුරු හිමිපාණන් මෙහිදී කියා සිටියා.

එසේම, පවතින ආරක්ෂක තත්ත්වය සලකා බලා ලබන 14 වනදා කතෝලික පාසල් විවෘත කිරීමට අදහස් කරන බවත්, ගැටලූවක් මතුවුවහොත් වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය අවසන්වනතුරු පාසල් වසා දමන බවත් උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරු මණ්ඩලය අද හමුවූ බව වාර්තා වුණා.  

එසේම, මීගමුව - කටුවපිටිය දේවස්ථානයේ එලිමහන් මණ්ඩපය තුළ අද පස්වරුවේ දිව්‍ය පූජාවක් පැවැත්වුණා.

ඒ, කටුවපිටිය දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහි කරමින්.

ඊට අමතරව කොච්චිකඩේ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහිකරමින් අනිද්දා සෙනසුරාදා කොටහේන ශාන්ත ලූසියා දෙව් මැදුරේද දිව්‍ය පූජාවක් පැවැත්වෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories