ශ්‍රී ලංකා තවුහිත් ජමාත් ලේකම්ට එරෙහි නඩුවක් ජූලි 25 ට කලින්

Thursday, 09 May 2019 - 15:53

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B7%94%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%96%E0%B6%BD%E0%B7%92+25+%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සහ බෞද්ධ ජනතාවට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික්ට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද කැඳවනු ලැබුවා.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා හමුවේයි.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අදාළ නඩුව ගොනුකර තිබුණේ 2016 වර්ෂයේදීයි.

නඩුව සම්බන්ධයෙන් මෙතෙක් නීතිපතිවරයාගේ උපදෙස් ලැබී නොමැති බවයි කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ.

ඒ අනුව, නඩුව ජූලි මස 25 වනදා යළි කැඳවීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories