ජාතික ආරක්ෂාව වෙනුවෙන් නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ එකම මගක

Thursday, 09 May 2019 - 19:44

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B8%E0%B6%9C%E0%B6%9A
රටේ පවතින තත්ත්වය සහ ආරක්ෂාව සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ පොදුජන පෙරමුණ අතර අද පැවති සාකච්ඡාවේදී වැඩි වශයෙන් අවධානය යොමුව තිබෙනවා.

දෙපාර්ශවය අතර සිව් වන වරට පැවති සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේදී පෙරවරු 10 ට පමණ ආරම්භ වුණා.

නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ඊට එක්වූ අතර, පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත සාකච්ඡාවට එක්ව සිටියා.

එහිදී සාකච්ඡා වටය ලබන 30 වනදා පැවැත්වීමට දෙපාර්ශවය එකඟ වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් සදහන් කළේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර කිසිදු බෙදීමක් නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories