රාජ්‍ය ඇමතිනී විජයකලා පිළිබදව, නීතිපතිට අධිකරණයෙන් සිහි කැදවීමක්

Friday, 10 May 2019 - 10:52

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF%E0%B7%80%2C+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වන නඩුව ලබන ජුලි මස 26 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඊට අදාළව කරුණු දක්වමින් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ ඇයගේ ප්‍රකාශයට  අදාළව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බවයි.

ඒ අනුව නඩුව කල් තැබීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න, ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාට යළි සිහි කැඳවීමක් සිදුකරන ලෙසද දැනුම් දුන්නා.

රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ගොඩනැගිය යුතු බවට පසුගිය වසරේ ජුලි  මස 02 වනදා යාපනයේදී ප්‍රකාශ කළේ රජයේ අමත්‍යවරුන් කිහිප දෙනෙකුද සහාභාගි වි සිටි උත්සවයකදීයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories