කටුනායකට එන ගුවන් මගීන්ට ගුවන් හමුදාවෙන් නිවේදනයක්

Friday, 10 May 2019 - 11:22

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ භාවිතකරන ගුවන් මගීන් සඳහා විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ගුවන් හමුදාව ප්‍රකාශ කරන්නේ ආරක්ෂාව තර කිරීමත් සමඟ මගීන්ට ඇතිවූ අපහසුතාවයන් මගහරවා ගැනීමට මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

එහිදී විදෙස්ගතවීම සඳහා පැමිණෙන මගීන්හට ඔවුන්ගේ වාහනවල සිට ගුවන්තොටුපොළ පර්යන්තය දක්වා මෙන්ම විදෙස් රටවල සිට පැමිණෙන මගීන් ගුවන්තොටුපොළ පර්යන්තයේ සිට ඔවුන්ගේ වාහන වෙත සැළකිය යුතු දුර ප්‍රමාණයක් ඇවිද යාමට සිදුවූවා.

එම අපහසුතාවයන් වළක්වා ගැනීමට මේ වනවිට ගුවන් තොටුපොළ පිවිසීමේ සහ පිටත්ව යාමේ දොරටු දක්වා රථවාහන ගමන්කිරීමට අවසර ලබා දී තිබෙනවා.

එසේම ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මගීන් සඳහා විශේෂ ප්‍රවාහන පහසුකම් ක්‍රමවේදයක් සලසා ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories