ත්‍රස්ත මර්දනයට, ශ්‍රී ලංකාවට ජගත් සංවිධාන සහය

Friday, 10 May 2019 - 12:40

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
ශ්‍රී ලංකාවට නව ආකාරයක ත්‍රස්තවාදී තර්ජනයකට මුහුණදීමට සිදුවී ඇති බව නිව්යෝක් නුවර ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා පවසනවා.

ඒ සඳහා දේශීය ආරක්ෂක ක්‍රමවේද වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති බවයි ජගත් සංවිධාන මූලස්ථානයේදී ඔහු ප්‍රකාශ කළේ.

විදේශ ත්‍රස්තවාදී සංවිධානවල සාමාජිකයින් දේශසීමා හරහා සංසරණය වීම වැළැක්වීම සඳහා වූ වැඩපිළිවෙලක් ජගත් සංවිධානය පසුගිය 7 වන දා දියත් කළා.

එහි අරමුණ එවැනි ත්‍රස්ත සාමාජිකයන් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා රටවල් අතර සහයෝගීතාවක් ගොඩනැගීමයි.

ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා කියා සිටියේ එම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවන් ඉදිරියේදී දන්වන බවයි.

ජගත් සංවිධානයේ ත්‍රස්ත මර්දන කාර්යාලය සහ එහි මූලස්ථානය පසුගිය සති දෙක තුළ ශ්‍රී ලංකාවට ලබාදුන් සහය පිළබදව ද ආචාර්ය රොහාන් පෙරේරා ශ්‍රී ලංකාවේ ස්තූතිය පුද කළා.

පාස්කු ඉරිදා ප්‍රහාරය ජාතික තව්හිද් ජමාත් සහ ජමේති මිල්ලතු ඊබ්‍රාහිම් හෙවත් ජේ.එම්.අයි. නැමැති දේශීය සංවිධාන විසින් දියත් කළේ යැයි පිළිගෙන ඇති බව ඔහු කියා සිටියා.

එවැනි අන්තවාදී සංවිධාන සහ විදේශීය ත්‍රස්ත සංවිධානවල ක්‍රියාකාරකම් නතර කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුතීන්ට අනුව මෙරට නීති සකස් කිරීමට පියවර ගන්නා බවත්, නිව්යෝක් නුවර ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා අවධාරණය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories