නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාට එරෙහිව, ත්‍රිකුණාමලයේ හර්තාල්

Friday, 10 May 2019 - 12:50

%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%2C+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය කේන්ද්‍ර  කර ගනිමින් අද දිනයේ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වනවා.

ඒ, නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඉවත් කරන ලෙස ඉල්ලමින්.

කන්තලේ, ත්‍රිකුණාමලය, සේරුනුවර සහ මොරවැව යන ප්‍රදේශවල අද දිනයේ මෙලෙස හර්තාල් ක්‍රියාත්මක වන බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.

හර්තාල් ව්‍යාපාරය අතරතුර ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී බස් රථ කිහිපයකට සහ ලොරි රථ දෙකකට පහරදීම් සිදුව ඇති බව ද වාර්තා වුණා.

මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළ ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ දේශපාලනඥයන් සිටින්නේ නම්, ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කාදර් මස්තාන් පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙරට සමස්ත මුස්ලිම් ප්‍රජාව ත්‍රස්තවාදීන් නොවන බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories