දෙවන ප්‍රහාරයකට ඉඩ නැහැ - හමුදාපතිගෙන් සහතිකයක්

Saturday, 11 May 2019 - 13:05

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රට තුළ ඉදිරියේදී ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ ඉඩකඩ අහුරා ඇති බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.

රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට ඊයේ එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සියලූම ජාලයන් මේ වන විට බොහෝ දුරට අඩපණ කර ඇති බවත් ඔවුන් අයි.එස්. සංවිධානය සමඟ කොතරම් දුරට සබඳතා පැවැත්වූයේ ද යන්න පිළිබදව පරීක්ෂණයක් සිදුකරන බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළා.

එමෙන්ම ඒ සඳහා අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ගන්නා අතර දෙවන වටයේ ප්‍රහාරයක් සිදුකිරීමට ඉඩ නොදී ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට හැකියාවක් පවතින බවට තමන් විශ්වාස කරන බවයි ඔහු එම සම්මුඛ සාකච්ජාවේදී තවදුරටත්  ප්‍රකාශ කර ඇත්තේ.  

මේ අතර, මෙම ප්‍රහාර සඳහා පුපුරණ ද්‍රව්‍ය දකුණු ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූයේ ද යන්න පිළිබද සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ද ක්‍රියාත්මක බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශණ සඳහා සහයෝගය ලබාදීමට ඉන්දියාව, චීනය, ඇමරිකාව, ඊශ්‍රායලය,  ඕස්ට්‍රේලියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක්ව සිටින බවයි ඔහු සිහිපත් කළේ.

මෙම රටවල් භාවිතා කරන නවීන තාක්ෂණ ක්‍රමවේදයන් ද පරීක්ෂණ සඳහා උපයෝගී කර ගන්නා බව හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක එම සම්මුඛ සාකච්ඡාවේදී තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories