ශ්‍රී ලංකාවේ ළමයින් විකිණීම ගැන ජගත් සංවිධානයේ අවධානය

Sunday, 12 May 2019 - 7:35

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
ශ්‍රී ලංකාවේ ළමයින් විකිණීම පිළිබඳව ඇගයීමක් සිදුකිරීමට එක්සත් ජාතීන්ගේ ළමා අයිතීන් පිළිබඳ කමිටුව තීරණය කර තිබෙනවා.

එම කමිටුව හෙට සිට  31 වනදා දක්වා ජිනීවා නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදී රැස්වන අතර, ශ්‍රී ලංකාව මෙන්ම බොට්ස්වානා, කාබෝ - වර්ඩේ, කෝට් - ඩිවා, මෝල්ටා, සිංගප්පූරුව සහ ටොන්ගා යන රටවල ළමා අයිතීන් පිළිබඳව විකල්ප න්‍යාය පත්‍රය යටතේ සාකච්ඡා කිරීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය යටතේ ක්‍රියාත්මක ළමා අයිතීන් පිළිබඳ 81 වන සැසිවාරයයි එලෙස හෙට ආරම්භ වන්නේ.

අදාළ කමිටුව ශ්‍රී ලංකාවේ ළමයින් විකිණිමට අමතරව ළමා ගණිකා වෘත්තිය මෙන්ම අසභ්‍ය වීඩියෝ සහ ඡායාරූප සංසරණය පිළිබඳවද සොයාබැලීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ ළමා අයිතීන් පිළිබඳ කමිටුව ස්වාධීන විද්වතුන් 18 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ළමා අයිතීන් පිළිබඳ ප්‍රඥප්තිය, අදාළ රටවල් විසින් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සොයා බලනවා.

එමඟින් ශ්‍රී ලංකාව පිළිබඳ සිදුකරන අධ්‍යයනයන් හි ප්‍රතිඵල ඇතුලූ සම්පූර්ණ වාර්තාව ජූනි 9 වනදා ප්‍රකාශයට පත් කරනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories