Update - හලාවතට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය හෙට අලුයම හතර දක්වා පමණක් සීමා කෙරේ

Sunday, 12 May 2019 - 12:54

Update+-+%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%BA%E0%B6%B8+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
හලාවත නගරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි, හෙට (13) උදෑසන හය දක්වා හලාවත නගර සීමාවට පැනවූ පොලිස් ඇඳිරි නීතිය සංශෝධනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කොළඹ අද (12) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඒ අනුව හෙට (13) අලුයම හතර දක්වා පමණක් පොලිස් ඇඳිරි නීතිය පනවන බවයි.

එමෙන්ම, ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරි පුද්ගලයෙකු ද එහිදී අත්අඩංගුවට ගත් බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, දිවයින පුරා ක්ෂණික මාර්ග බාධක යොදවා සිදුකරන පරීක්ෂා කිරීම්වලදී සහය දක්වන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
   

Update :-  Sunday, May 12, 2019,4.32PM
--------------------------------------------------
හලාවත නගර සීමාවට හෙට උදෑසන 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය

හලාවත නගරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි, හෙට (13) උදෑසන හය දක්වා හලාවත නගර සීමාවට පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.











Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories