බර්කිනෝ ෆාසෝ දේවස්ථානයකට ප්‍රහාරයක්

Monday, 13 May 2019 - 7:38

%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%9D+%E0%B7%86%E0%B7%8F%E0%B7%83%E0%B7%9D+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන බර්කිනා ෆාසෝ හි දේව මෙහෙයක් පැවැත්වෙන අතරවාරයේදී දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරයකින් දේවගැතිවරයෙකු ඇතුලු හයදෙනෙකු මියගොස් තිබෙනවා.

බර්කිනා ෆාසෝ උතුරු ප්‍රදේශයේ පිහිටි ඩබ්ලෝ නුවර පිහිටි මෙම දේවස්ථානයට කඩාවැදුනු තුවක්කුකරුවන් පැමිණ සිටි පිරිසට වෙඩි තබා පසුව දෙව් මැදුරට ද ගිනි තබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ගතවූ සති පහක කාලය තුළ එරට කතෝලික දේවස්ථානවලට එල්ලවූ තුන්වන ප්‍රහාරය මෙය වනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් බර්කිනා ෆාසෝ හි ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදී සංවිධානයකට චෝදනා එල්ලවනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories