වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවෙන් අත්අඩංගුවට ගත් 10 වන සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර

Monday, 13 May 2019 - 14:04

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%B9+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+10+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
කොළඹ - සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ්ට අයත්ව තිබූ වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවෙන් අත්අඩංගුවට ගත් 10 වන සැකකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට අවසර ලබාදුන්නා.

එහි අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරීවරයාට නියෝග කළේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කරුපයියා රාජේන්ද්‍ර අබ්දුල් නමැති සැකකරුගෙන් හෙට සහ අනිද්දා යන දෙදින තුළ අදාළ ප්‍රකාශය සටහන් කර ගැනීමට පොලීසියට අවසර ලබාදෙන ලෙසයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකළා.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එම කර්මාන්තශාලාවේ සේවකයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඉන්  9 දෙනෙකු ඇප මත මුදා හැරීමටයි පසුගිය 6 වන දා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝග කළේ.

මෙම සේවකයින් 9 දෙනා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේදී පොලීසියෙන් යම් දෝෂයක් සිදුව ඇත්දැයි සොයාබැලීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකය මේ වන විට පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

මේ අතර, තරුණයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් අද එම පොලීසිය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories