ඉන්දියාවේ එල්.ටී.ටී.ඊ, තහනම තවත් වසර 5කට දීර්ඝ කෙරේ

Tuesday, 14 May 2019 - 11:02

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%8A%2C+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+5%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
එල්.ටී.ටී.ඊ, සංවිධානය ඉන්දියාව තුළ නීති විරෝධී සංවිධානයක් ලෙස පනවා තිබූ තහනම තවත් වසර 5කට දීර්ඝ කිරීමට එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එලෙස දීර්ඝ කර ඇත්තේ 2014 වසරේදී එමගින් ප්‍රකාශයට පත් කළ තහනම් නිවේදනයයි.

එල්.ටී.ටී.ඊ, තහනම දීර්ඝ කරමින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට සහ එරට පුරවැසියන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරන බවයි.

2009 වසරේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා අතින් පරාජයට පත්වුවද එල්.ටී.ටී.ඊ. ය ඔවුන්ගේ ඊළාම් සංකල්පය අත්හැර නොමැති බවත්, එම ඉලක්කය උදෙසා ඔවුන් තවදුරටත් කටයුතු කරන බවත් එමගින් වැඩිදුරටත් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories