වයඹ පළාතට තවදුරටත් පොලිස් ඇඳිරි නීතිය - පාසල් සහ රාජ්‍ය ආයතනයත් වසා දැමේ

Tuesday, 14 May 2019 - 12:45

%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+-+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%9A
වයඹ පළාත තුළ පමණක් තවදුරටත් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ප්‍රදේශයේ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව යොදවා ඇති බවයි.

ඊයේ රාත්‍රියේ පළාතේ ප්‍රදේශ කිහිපයක හට ගත් නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් වයඹ පළාතටම පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

මේ අතර, වයඹ පළාතට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය හේතුවෙන් පළාතේ සියළුම පාසල් සහ වයඹ පළාත් සභාව යටතේ පාලනය වන රාජ්‍ය ආයතන වසා දැමීමට ද පියවර ගෙන තිබුණා.

අද උදෑසන වන විට හෙට්ටිපොළ, පසුවස්නුවර, කුලියාපිටිය සහ තෝරකටුව යන ප්‍රදේශවල තත්ත්වය සාමකාමී බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.

මේ අතර, පවතින තත්ත්වය පිළිබද සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇතුළු පිරිසක් කුලියාපිටිය සහ පඩුවස්නුවර යන ප්‍රදේශවල සංචාරයක නිරත වුණා.

එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රදේශයේ ආගමික නායකයින් සහ ජනතාව හමුවී සාකච්ඡාවක ද නිරත වී ඇති බව සඳහන්.

මේ අතර, ගම්පහ පොලිස් කොට්ඨාශයට සහ දිවයිනේ සෙසු ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන ඉවත් කිරීමටයි පොලීසිය කටයුතු කරනු ලැබුවේ.

ඊයේ රාත්‍රී 9 සිට අද අලූයම 4 දක්වා දිවයිනේ සියළු ප්‍රදේශවලටත්, ගම්පහ කොට්ඨාශයට අද උදෑසන 6 දක්වාත් මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණා.

පොලිස් මූලස්ථානයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ නීතිමය රාමුව තුළ බලය පාවිච්චි කරමින් සිදුවීම් වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

එමෙන්ම, සාමකාමීව කටයුතු නොකරන්නේ නම්, ඊට එරෙහිව යුද හමුදාවට බලය යෙදවීමට සිදුවනු ඇති බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඊයේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රකාශ කළා.

මේ අතර, ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වලට ප්‍රවේශවීම තවදුරටත් අත්හිටුවා තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories