ප්‍රංශ පුරවැසිභාවය ලබා ගැනීමේ ජාවාරමක නිරත වූ බංග්ලාදේශ ජාතිකයන් 4 දෙනෙකු මෙරටින් පිටුවහල් කෙරේ

Tuesday, 14 May 2019 - 13:36

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD+%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ශ්‍රී ලංකාවේ විවාහ නීතිය උපයෝගී කර ගනිමින් ප්‍රංශයේ පුරවැසිභාවය ලබා ගැනීමේ ජාවාරමක නිරත වූ බංග්ලාදේශ ජාතිකයින් සිව් දෙනෙකු ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මීට සම්බන්ධ ප්‍රංශයේ සරණාගතයින් ලෙස ලියාපදිංචි වී ඇති බංග්ලාදේශ ජාතිකයින් සිව් දෙනෙකු ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබෙනවා.

එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලට නිසි ප්‍රතිචාර දැක්වීමට අපොහොසත්වීම හේතුවෙන් ඔවුන් ප්‍රංශය වෙත පිටුවහල් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකාවේ විවාහ නීතිය අනුව දින 3ක් මෙරට ගත කළ පසු ශ්‍රී ලංකාව තුළ තම විවාහය ලියාපදිංචි කළ හැකි වීමේ අවස්ථාව භාවිතයට ගෙන පසුව එම පුරුෂයා ප්‍රංශය වෙත ගොස් තම බිරිඳ සඳහා පුරවැසිභාවය ඉල්ලා සිටීම මෙම ජාවාරමේ ස්වභාවයයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories