බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට අත්සන් 60ක්

Wednesday, 15 May 2019 - 18:53

%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+60%E0%B6%9A%E0%B7%8A
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට මන්ත්‍රීවරුන් 60 දෙනෙකු මේ වනවිට අත්සන් තබා ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ - විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදී ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් පසු  මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

මේ අතර, හෙට දිනයේදී මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විරුද්ධත්වය පළ කළ බවට පළ වන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළා.

මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ පාස්කු ඉරුදින සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් රජය මේ දක්වා ගෙන ඇති බොහෝ තීන්දු තීරණ පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සෑහීමකට පත් නොවන බවයි.

එසේ වූවද, ජනතාව වෙනුවෙන් ආණ්ඩුව විසින් ගනු ලබන නිවැරදි තීන්දු තීරණ සම්බන්ධයෙන් අවශ්‍ය සහයෝගය දැක්වීමට විපක්ෂ නායකවරයා නිරන්තරයෙන් සූදානම් බවයි එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද පස්වරුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories