මාදම්පෙන් අස්ථි කොටස් හමුවේ

Thursday, 16 May 2019 - 9:28

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
මාදම්පේ - මාරම්බැටේ ඇළ මාර්ගයක තිබී පොහොර උරයක බහා තිබූ මිනිස් අස්ථි කොටස් හමු වී තිබෙනවා.

ඊයේ මෙම අස්ථි කොටස් සොයාගෙන ඇති අතර පසුව එම ස්ථානය හලාවත අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.එස්.ඩබ්ලිව් කුමාර නිරීක්ෂණය කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටයි හලාවත වැඩබලන මහේස්ත්‍රාත් ශානක උදයංග හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර ඇත්තේ.

වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම අස්ථි කොටස් තොගය හලාවත මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories