සහරාන්ගේ ඩී.එන්.ඒ. වාර්තාව ඉදිරි දින දෙක තුළ අධිකරණයට

Thursday, 16 May 2019 - 12:37

%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A9%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ ඩී.එන්.ඒ. වාර්තාව ලබාගැනීම සඳහා ඔහුගේ බිරිඳගේ සහ දියණියගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබෙනවා.

පසුගිය සිකුරාදා එම රුධිර සාම්පල ලැබී ඇති අතර, ඩී.එන්.ඒ. වාර්තාව හෙට හෝ අනිද්දා සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන බවයි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

කොච්චිකඩේ - ශාන්ත අන්තෝනි දේවස්ථානයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණ ඇත්තේ අලව්ඩීන් අහමඩ් මුවාත් නැමැත්තා බවටම ඩී.එන්.ඒ. පරීක්ෂණයේදී හෙළිව තිබෙනවා.

එමෙන්ම කටුවාපිටිය දේවස්ථානයට පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු අච්චි මොහොම්මදු හස්තුන් බවටත් ඩී.එන්.ඒ පරීක්ෂණ වාර්තාවෙන් ද පසුගියදා අනාවරණ වුණා.

ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් සහ ඉල්හාම් අහමඩ් ඊබ්‍රාහිම්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සදහා ඩී.එන්.ඒ. වාර්තාවක් කැදවන ලෙසට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දුන්නේ පසුගිය 9 වනදායි.

එම නියෝගය අනුවයි දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සහරාන්ගේ බිරිඳ සහ දියණියගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබුවේ.

මේ අතර පසුගියදා නොසන්සුකාරී තත්ත්වයක් ඇති වූ වයඹ පළාතේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ආරක්ෂාව තවදුරටත් තර කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

තවදුරටත් එම ප්‍රදේශවල පරීක්ෂා කිරීම් සිදුවන බවයි වාර්තා වන්නේ.

වයඹ පළාතේ පමණක් මාර්ග බාධක 61 ක් ස්ථාපිත කර තිබෙනවා.

එමෙන්ම වයඹ පළාතේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ගේ සහ පොලීසියේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී ඉදිරි ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවූ බවයි වාර්තාවන්නේ.

නොසන්සුන්කාරී සිද්ධින් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 81 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙර දිනවලට සාපේක්ෂව අද දිනයේ පාසල් සිසුන්ගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරනවා.

ග්‍රාමීය පාසැල්වලට සිසුන් වැඩි වශයෙන් පැමිණෙන නමුත් නගරබද පාසැල්වලට ළමයින්ගේ පැමිණීම තවමත් පවතින්නේ අවම මට්ටමකයි.

අප කළ විමසීමකදි ගුරු සංගම් සඳහන් කළේ සිසුන් පැමිණීම වර්ධනය වුවද සමස්තයක් ලෙස සිසුන්ගෙන් සියයට 75 කට වැඩි පිරිසක් තවමත් පාසල්වලට පැමිණ නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories