තොරණ් නිර්මාණකරුවන් අර්බුදයක

Thursday, 16 May 2019 - 12:57

%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A
බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කෙරෙන පින්බර වෙසක් පොහෝ දිනය උදා වීමට ඉතිරිව ඇත්තේ තවත් දින දෙකක කාලයක්. පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ පිපිරීම නිසා මෙවර වෙසක් මංගල්‍ය මෙරට බෞද්ධයින්ට වෙනස් පසුබිමක සැමරීමට සිදුව තිබෙනවා.

වෙනදා මෙන් නොව ආමිස පූජාවට මුල් තැන දෙමින් ඉදි කෙරෙන වෙසක් කූඩු, තොරණ මෙන්ම වෙසක් කලාප ද මෙවර දක්නට ලැබෙන්නේ නැහැ.

එමෙන්ම ලියාපදිංචි කර ඇති දන්සැල් සංඛ්‍යාවද ඉතා අවම බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මෙවර වෙසක් මංගල්‍යයේදී සැබෑ බෞද්ධ වටිනාකම් ඉස්මතු කළ හැකි බවයි ධර්මපාල පරපුර සංවිධානයේ නිර්මාතෘ හා කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් ප්‍රකාශ කළේ.

දන්සල් වෙනුවට ආහාර වේලක් නොලැබෙන පුද්ගලයින්ට දානයක් ලබාදීමෙන් වෙසක් උත්සවය සැමරිය හැකි බවයි ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය පූජ්‍ය නොළුවාකන්දේ ඥානරතන හිමියන් සඳහන් කළේ.

විහාරස්ථාන වෙත යාමට නොහැකි නම් නිවසේ සිට සිල් සමාදන් වන ලෙසයි කොළඹ 07, නාරද බෞද්ධ ධර්මායතනාධිපති පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමියන් ඉල්ලා සිටියේ

මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් නිර්මාණය කළ තොරණ ප්‍රදර්ශනය කිරීමට නොහැකිවීම හේතුවෙන් තමන් ගැටළු රැසකට මුහුණදී ඇති බව තොරණ නිර්මාණකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමය අම්බලන්ගොඩ - වතුගෙදර ප්‍රදේශයේදී පසුගියදා කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු කපිල තොටවත්තගේ ඉල්ලා සිටියේ තම ගැටළුවලට විසඳුම් ලබාදීමට රජය මැදිහත් විය යුතු බවටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories