ත්‍රස්තවාදයට එරෙහිව සියළු පාර්ශව එක්විය යුතුයි - විපක්ෂ නායකවරයාගෙන් ප්‍රකාශයක්

Friday, 17 May 2019 - 7:29

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ත්‍රස්තවාදයට එරෙහිව රටේ සියළු දෙනා එක්ව නැගී සිටිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඒ, කෝට්ටේ ශ්‍රී නාගවිහාරයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකාව සිංහල - බෞද්ධ රටක් නොවන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

මේ අතර, රට තුළ මතු වී ඇති වත්මන් තත්ත්වය පිළිබඳව ජර්මානු තානාපති ජෝර්ම් රෝඞ් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් විජේරාමේ පිහිටි විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදී ඊයේ පැවැත්වුණා.

එහිදී තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත්විය යුතු බවයි. විපක්ෂයක් ලෙස ලබාදිය හැකි සෑම සහයෝගයක්ම රජයට ලබාදීමට සූදානම් බව එහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ තානාපතිවරයාට ප්‍රකාශ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories