ගාල්ල දක්ෂිණ නාවික කඳවුරේ ඩෙංගු

Friday, 17 May 2019 - 7:34

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94
ගාල්ල - දක්ෂිණ නාවික හමුදා කඳවුරේ සෙබළුන් තිස් දෙනෙකුට අධික පිරිසකට ඩෙංගු රෝගය වැළඳී ඇති බව වාර්තා වනවා.

පසුගිය මාස 04 තුළ පමණක් ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1300 කට ආසන්න පිරිසක් වාර්තා වූ බවයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.

ඒ අනුව දක්ෂිණ නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේ ඩෙංගු කීටයින් සිටින ස්ථානද සොයාගෙන ඇති අතර, සතියක් තුළ එම ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories