ලුණුගම්වෙහෙර සාදයකින් පසු වෙඩි තැබීමක්

Friday, 17 May 2019 - 7:58

%E0%B6%BD%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ලුණුගම්වෙහෙර - බෙරලිහෙල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර සිදුවූ ආරවුලකින් අනතුරුව සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

එහිදී තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් දෙබරවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මිය ගිය පුද්ගලයා, 15කට වැඩි තවත් පිරිසක් සමඟ බෙරලිහෙළ ප්‍රදේශයේ නිවසක ඊයේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, ඇති වූ ආරවුලකින් පසු එම ස්ථානයෙන් කිහිප දෙනෙකු පිටව ගොස් තිබුණා.

පසුව ඔවුන් යළි පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලීසිය සැක කරන්නේ. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ තිස්සමහාරාම - ඇල්ලගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.

මේ අතර, පිලියන්දල - ජඹුරලිය - මඩපාත ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ඇති වූ ආරවුලකදී තියුණු ආයුධයකින් පහරදී අයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 40 ක් වන ජඹුරලිය - මඩපාත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories