ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් සහතිකයක්

Friday, 17 May 2019 - 11:04

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන සටනට පූර්ණ සහයෝගය පළ කරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව කියා සිටියේ විදේශ අමාත්‍ය තිලක් මාරපන සමඟ වොෂින්ටනයේදී ඊයේ පැවති සාකච්ඡාවකදියි.

පසුගිය දා ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර මාලාව ඔහු නැවත වරක් මෙහිදී හෙළා දැක තිබෙනවා.

වගවීම, යුක්තිය සහ ප්‍රතිසන්ධානය පිළිබදව ශ්‍රී ලංකාවේ ඇති නව කැපවීම රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රශංසාවට ලක්වූ බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories