මධුමාධව අරවින්දට පොලීසියෙන් යළි සිහි කැදවීමක්

Monday, 20 May 2019 - 7:00

%E0%B6%B8%E0%B6%B0%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%80+%E0%B6%85%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්දට පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට යළි සිහි කැදවීමක් කර තිබෙනවා.

ඒ, ඊයේ (19) දින මිනුවන්ගොඩ පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා නොදීම හේතුවෙන්.

පසුගිය බ්‍රහස්පතින්දා ඔහුට පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම් දී තිබුණේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන්.

කෙසේ වෙතත්, එදින ඔහු මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ පොලීසිය තමාගෙන් ප්‍රකාශයක් සටහන් කර නොගත් බවයි.

පසුව ඊයේ (19) දින පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට මධුමාධව අරවින්දට දැනුම් දුන් බවයි මිනුවන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

එහෙත් ඊයේ දින (19) පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා නොදීම හේතුවෙන් වෙනත් දිනයක පැමිණෙන ලෙසට පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්දට දැනුම් දීමට කටයුතු කරන බවද එම ප්‍රකාශකයා කියා සිටියා.

මේ අතර, හෙට්ටිපොල ප්‍රදේශයේ පසුගියදා ඇති වූ නොසන්සුන් තත්ත්වයට මැදිහත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණ පසුගිය සෙනසුරාදා ප්‍රකාශයක් ලබා දුන්නා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories