කහවත්තෙන් අතුරුදන් සිසුවෙකු ඇඹිලිපිටියෙන් හමුවෙයි - (ඡායාරූප)

Monday, 20 May 2019 - 7:20

%E0%B6%9A%E0%B7%84%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
රත්නපුර - කහවත්ත - වැල්අදුර ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටි පාසල් සිසුවෙකු ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ 13 හැවිරිදි මෙම පාසල් සිසුවා පසුගිය 17 වන දා සිට අතුරුදන්ව සිට ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබූ බවයි.

පසුව සිසුවා පිළිබදව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, එහිදී හෙළිදරව් වී ඇත්තේ ඔහු බස් රථයක නැගී ඇඹිලිපිටියට පැමිණ ඇති බවටයි.

බස් රථයේ කොන්දොස්තරවරයා සිසුවා පිළිබදව සැක සිතී හම්බන්තොට පොලීසියට භාර දී තිබෙනවා.

සිසුවාගේ මව විදේශගතව සිටින අතර පියා ද නිවසේ නොමැති අවස්ථාවලදී සිය මාමා විසින් පහරදීම හේතුවෙන් නිවස අතහැර ආ බවට ඔහු පොලීසියට ප්‍රකාශයක් ලබාදී ඇති බව සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories