දරුවන් හෙට සිට පාසල් වෙත යොමුකරන්නැයි හමුදාපති ඉල්ලයි

Monday, 20 May 2019 - 12:42

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92++%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
පාසල්වලට ආරක්ෂාව උපරිම අයුරින් තහවුරු කර ඇති බැවින් අනියත බියකින් තොරව හෙට සිට දරුවන් පාසල් යැවීමට කටයුතු කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක, දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

පාසල්වල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබුණ ද අසත්‍ය සහ කට කතා හේතුවෙන් දෙමව්පියන්, දරුවන් පාසල් වෙත එවීමට මැලි වූ බවයි මාධ්‍ය වෙත අද විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත්, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉල්ලා සිටියේ සිසුන්ගේ දෙමව්පියන්ගේ සිත් තුළ පවතින සැකය තුරන් කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසයි.

පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති අතර, තම දරුවන් බියකින් තොරව පාසල් වෙත යොමු කිරීම සඳහා කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ද කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉල්ලා සිටියා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories