අයි.එස් සබඳතාවලට සැකපිට ඇල්ලූ පාර්ලිමේන්තු භාෂා පරිවර්තක මාස 03ක් රඳවා ගැනීමට අවසර

Monday, 20 May 2019 - 13:00

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+03%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පැවැත් වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයා මාස 03 ක කාලසීමාවක් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පවසනවා.

හදිසි නීති රෙගුලාසි යටතේ ජමාල්ඩීන් නෞෂාඩ් නැමති මෙම සැකකරු රඳවා තබාගෙන ඉදිරි පරීක්ෂණ සිදුකරන බවයි වාර්තා වන්නේ.

කුරුණෑගල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද තොරතුරක් මත මෙම සැකකරු රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (19) දිනයේදියි.

ඒ, විශේෂ පොලිස් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි.

2006 වසරේ සිට පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කර ඇති ජමාල්ඩීන් නෞෂාඩ් නැමති මෙම සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක ලෙස සැලකෙන සහරාන් හෂීම් සමඟ සමීප සබඳතා පවත්වා ඇති අතර, ක්‍රියාකාරී සාමාජිකයෙකු බවටද අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම මොහු මහනුවර - අකුරණ ප්‍රදේශය ආශ්‍රිතව ඉස්ලාමීය අන්තවාදී අදහස් ඇතුලත් දේශන රැසක් පවත්වා ඇති බවටද හෙළි වුණා.

සැකකරු අත්අඩංගුවට ගත් විශේෂ පොලිස් කණ්ඩායමේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ මීට පෙර ජාතික තවුහිත් ජමාත් සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් කුරුණෑගල මහ රෝහලේ සේවකයාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

මෙම පාර්ලිමේන්තු භාෂා පරිවර්තකයා අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිට පදිංචිව සිටි රාජගිරිය නිවසේ තිබී සැකකටයුතු උපකරණ කිහිපයක්ද වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙතද තොරතුරු වාර්තාකර ඇති බවයි පරීක්ෂණ මෙහෙයවන නිලධාරියෙකු අප කළ විමසීමකදී වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්දට අද (20) දිනය තුළ මිනුවන්ගොඩ පොලීසියේ පෙනී සිටින ලෙසට යළි සිහි කැඳවීමක් කර තිබෙනවා.

ඒ, ඊයේ (19) දිනයේදී මිනුවන්ගොඩ පොලීසියට ප්‍රකාශයක් ලබාදීමට නොපැමිණීම හේතුවෙන්.

පසුගිය බ්‍රහස්පතින්දා ඔහුට පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම් දී තිබුණේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන්.

කෙසේ වෙතත්, එදින ඔහු මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ පොලීසිය තමාගෙන් ප්‍රකාශයක් සටහන් කර නොගත් බවයි.

කෙසේ වෙතත් කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ මධුමාධව අරවින්ද පොලිසිය මහ හරින බවට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.  





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories