මාඔයට දමා තිබූ සිම් කාඩ් පත් 1500ක් සොයා ගනී

Tuesday, 21 May 2019 - 7:34

%E0%B6%B8%E0%B7%8F%E0%B6%94%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+1500%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මාඔයේ සඟවා තිබියදී මීගමුව - කොච්චිකඬේ ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ සිම් කාඞ්පත් 1500 සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම සිම්කාඩ්පත් තොගය ගෝනියක දමා තිබෙන අයුරු ඊයේ නිරීක්ෂණය කර තිබුණේ  මාඔයේ මසුන් ඇල්ලීම සඳහා ගිය තරුණයින් පිරිසක් විසින්.

අදාළ සිම්කාඩ්පත් තොගය භාවිතයට ගෙන නොමැති ඒවා වන අතර, සඟවා තැබුවේ කිනම් හේතුවක් නිසා ද යන්න අනාවරණ වී නැහැ.

කෙසේ වෙතත්, අදාළ සිම්කාඩ් තොගය අයත් දුරකථන සමාගමෙන් මේ පිළිබදව වාර්තාවක් ද කැදවීමට පියවර ගෙන ඇති බව පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories