තවුහිත් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් මියගිය බව DNA පරීක්ෂණයෙන් තහවුරු වෙයි

Tuesday, 21 May 2019 - 12:44

%E0%B6%AD%E0%B7%80%E0%B7%94%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%A9%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80+DNA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුලු මරාගෙන මැරෙන බෝම්බකරුවන් සියලුදෙනාගේ ඩී.එන්.ඒ. සැසඳෙන බව රජයේ රස පරීක්ෂක තහවුරු කර තිබෙනවා.

මීට පෙර සහරාන් හෂීම්ගේ ඩී.එන්.ඒ. වාර්තාව සකස් කිරීම සඳහා ඔහුගේ බිරිඳගේ සහ දියණියගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ලබාගත් අතර, ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මෙලෙස ඩී.එන්.ඒ. සැසඳෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

එමෙන්ම පසුගිය අප්‍රේල් 21 වනදා කතෝලික දේවස්ථාන සහ ප්‍රධාන පෙළේ හෝටල් 3 කට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට පැමිණි මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් සියලුදෙනාගේ ඩී.එන්.ඒ. ඔවුන්ගේ මව්පියන්ගේ සහ දරුවන්ගේ ඩී.එන්.ඒ. සමඟ සැසඳෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මෙම පරීක්ෂණයට අදාල රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තු වර්තාව අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට භාර දීමට නියමිතයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories