බදියුදීන්ට එරෙහි චෝදනා ගැන සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

Tuesday, 21 May 2019 - 14:24

%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ආණ්ඩු පක්ෂය අද (21) තීරණය කළා.

ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේ පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදියි.

මේ අතර අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති  විශ්වාසභංග යෝජනාවට විවාදයක් සඳහා දිනයක් ලබාදිය හැක්කේ ආණ්ඩු පක්ෂය විසින් පත්කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවෙන් පසුව බවට අද (21) පැවති පක්ෂ නායක රැස්වීමේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කර තිබෙනවා.

අද (21)පස්වරුවේ මෙම පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories