බකමූණ කර්මාන්තශාලාවක් මැදින් අඩි 60 වලක් මතුවෙයි

Wednesday, 22 May 2019 - 9:49

%E0%B6%B6%E0%B6%9A%E0%B6%B8%E0%B7%96%E0%B6%AB+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%92+60+%E0%B7%80%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ආහාර නිශ්පාදන ආයතනයක් සහ පානීය වතුර බෝතල් නිෂ්පාදනය කරන ආයතනයක් මුවාවෙන් බකමුණ ඇලහැර කුමාරඇල්ල ප්‍රදේශයේ  වසර තුන හමාරක් තිස්සේ  නිදන් ගැනීම සඳහා කැණීම් සිදුකළ ස්ථානයක් දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (21) රාත්‍රියේ වටලා සැකකරුවන් හත්දෙනෙකු  හා උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වසර තුනහමාරක පමණ කාලයක සිට දිවයිනේ ප්‍රබල පුද්ගලයන් රැසක් සහ සම්බන්ධ වී ඇතැම්  රාජ්‍ය නිලධාරීන්ගේ අනුග්‍රහය ඇතිව මෙම ස්ථානයේ   විශාල කළුගලක් බිද අඩි හැටක පමණ ගැඹුරට දෝණාවක් හාරා නිධන් සොයා ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ පරීක්ෂණයේදී හෙලිවී තිබෙනවා.

නිධානය ලබා ගැනීම සඳහා  අවසාන දින දෙක තුළදී මෙය අනාවරණය කර ගැනීම විශේෂත්වයක් අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත එම ස්ථානයට යන විටත් එහි සේවකයන් විශාල කළු ගලින් සැදුණු මහ පොළොව යට උමගක් තුළ වැඩ කරමින් සිටීම විශේෂත්වයක්.

අත්අඩංගුවට පත්වූවන්  අනුරාධපුර ,කිතුල්ගල , නිවිතිගල ,රත්නපුර හා ඇලහැර  ආදී ප්‍රදේශවල පදිංචිකරුවෝ බව පොලිසිය පවසනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම ස්ථානය වැටලීමත් සමඟ එහි සිටි එක් සැකකරුවෙකු දෙමහල් නිවසක් තුළ වැසිකිළියක පැය හතරක කාලයක් සැගවී සිටියදී  පසුව සොයාගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී ගල් විඳීමට ගන්නා අවි ආයුධ, ගල් පුපුරවා හැරීම සඳහා උපයෝගී කරගන්නා වෙඩි බෙහෙත්,වයර් පහන් පුජා භාණ්ඩ ආදී භාණ්ඩ රැසක් සොයාගත් බවද පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සහ ඔවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂාකිරීමේදී මෙම ජාවාරමේ  සිටින රජයේ නිලධාරීන් ප්‍රබල ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකුගේ නම් හෙළිවී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ජාවාරම්කරුවන් අතර පැවැති දුරකථන සංවාද රැසක් පොලිස් විශේෂ කාර්ය බලකාය  භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම පොළොන්නරුව ප්‍රදේශයේ මෙම කණ්ඩායම තවත් නිදනයක් ලබා ගත් ආකාරයද දුරකථන සංවාදවල දී අනාවරණය වූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියා.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව බකමුණ පොලිසියට භාරදීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories