මට වැරදුණේ නැහැ - රාජ්‍ය ඇමති නිරෝෂන්ගෙන් නවීන් දිසානායකට පිළිතුරු

Wednesday, 22 May 2019 - 19:23

%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B7%82%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඉල්ලා අස් නොවුනහොත් විශ්වාසභංග යෝජනාවට තමන්ට  සහය පළ කිරීමට සිදුවන බව අද යළිත් වරක් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා ප්‍රකාශ කළා.

අමාත්‍ය නවීන් දිසානායක, ඊයේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.

පසුගිය 20 වනදාද මාධ්‍ය හමුවක් කැඳවමින් පළමුවරට රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා විශ්වාසභංගයට සහය පළ කරන බව  ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මාතර ඊයේ පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා සිදුකළ එම ප්‍රකාශය අත්වැරදීමක් බවයි.

එහෙත් එය අත්වැරදීමක් නොවන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories