තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

Thursday, 23 May 2019 - 10:08

%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පැල්මඩුල්ල කුට්ටාපිටිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

ඊයේ (22)රාත්‍රී 10ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 38 හැවිරිදි තිදරු පියෙක්.

ඔහුගේ බිරිද විදෙස් ගත වී ඇති අතර ඇය විසින් එවන ලද මුදල් සම්බන්ධයෙන් ඥාතීන් පිරිසක් සමඟ ඇති වූ බහින් බස්වීමක් දුරදීග යෑමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි මුලික පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද(23) දින පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පැල්මඩුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories