ඥාණසාර හිමි ගැන ජනපතිගේ ලිපිය බන්ධනාගාර අමාත්‍යාංශයට

Thursday, 23 May 2019 - 13:01

%E0%B6%A5%E0%B7%8F%E0%B6%AB%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
සිර දඩුවම් නියමවී සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙමින් ජනාධිපතිවරයා අත්සන් කළ ලිිපිය අද උදෑසන අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලැබී ඇති බව එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළා.

අදාළ ලිපියට ජනාධිපතිවරයා ඊයේ දිනයේදී අත්සන් තැබූ බවයි වාර්තාවුණේ.

මේ අතර බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අද නිදහස හිමිවනු ඇති බව එහි ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ ඥාණසාර හිමියන් පස්වරු 3 ට පමණ නිදහස් වනු ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories