පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම් ගැන රහස් පොලිසියේ පරීක්ෂණය ඇරඹේ

Friday, 24 May 2019 - 7:39

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
නීතිපති උපදෙස් අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වාගැනීමට ක්‍රියා නොකළ පුද්ගලයින්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් සිදුකරන ලෙසයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පති සී.ඩී . වික්‍රමරත්නට දැනුම් දී තිබුණේ.

ඒ අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ජාතික බුද්ධි අංශ ප්‍රධානියා, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරිවරයා සහ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව මෙහිදී පරීක්ෂණ මෙහෙයවන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories