ත්‍රී රෝද රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් 3 දෙනෙකු මරුට (ඡායාරූප)

Friday, 24 May 2019 - 15:09

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A++3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වැල්ලවාය ඌව කුඩාඔය ප්‍රදේශයේ සිදුවූ ත්‍රී රෝද රථ අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් තිබෙනවා.

ත්‍රී රෝද රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙනුයි අද දහවල් මෙම අනතුර සිදුවී ඇත්තේ.

මියගොස් ඇත්තේ එක් ත්‍රී රෝද රථයක ගමන් ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙක්.

ඔවුන් ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවටයි හෙළිවී ඇත්තේ.

අනෙක් ත්‍රී රෝද රථයේ ගමන් කළ 3 දෙනෙකු බරපතල තුවාල ලබා තණමල්විල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට මාරුකර යවා තිබෙනවා.

තුවාලකරුවන් වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

අනතුර සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය විමර්ශණ සිදුකරනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories