බදුරලියේ පාසලක් අසල අත්බෝම්බ දැමීම, කඩාකප්පල්කාරී ක්‍රියාවක් - සැකකරු අල්ලන්න මෙහෙයුම්

Friday, 24 May 2019 - 15:51

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B6%BD+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%2C+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
බදුරලිය ප්‍රදේශයේ පාසලක් අසලට අත් බෝම්බ කිහිපයක් දමා යාමේ සිද්ධිය පිළිබඳ පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ පටු අරමුණු සාක්ෂාත් කර ගැනීම මෙන්ම සමාජය තුල අනියත බියක් ඇති කිරීමේ අරමුණින් මෙම බෝම්බ දමාගොස් ඇති බවයි.

බෝම්බ දමාගිය පුද්ගලයා පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශණ සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළා.

එමෙන්ම අදාළ අත් බෝම්බ කිහිපය නිශ්ක්‍රිය කිරීමට ද කටයුතු කර තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories