ඉන්දියාවේ ටියුෂන් පංතියක ගින්නකින් 19ක් මරුට

Saturday, 25 May 2019 - 7:17

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B7%82%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%82%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+19%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සූරට් නගරයේ පෞද්ගලික උපකාරක පන්තියක ඊයේ (24) සන්ධ්‍යාවේ ඇති වූ ගින්නකින් සිසුන් ඇතුළු 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

වයස අවුරුදු 14ත්, 17ත් අතර වයස් සීමාවේ ළමයින් පිරිසක් මෙම අනතුරට මුහුණ දුන් අතර මිය ගිය 16 දෙනෙකුම සිසුවියන්.

තක්ෂිලා ලෙස නම් කෙරුණු උපකාරක පන්ති පිහිටි මෙම ගොඩනැගිල්ලේ තුන් වන සහ සිව් වන මහල්වල ගින්න හටගෙන ඇති අතර, ඇතැම් සිසුන් මිය ගොස් ඇත්තේ ගින්නෙන් බේරීම සඳහා පිටතට පැනීමෙන්.

එලෙස පැන දිවි ගලවා ගත් සිසුන් ඇතුළු 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories