වැලි ජාවාරම්කරුවන්ට රතු එලියක්

Saturday, 25 May 2019 - 7:25

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ත්‍රිකුණාමලය - කින්නියා - කන්දල්කාඩු ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව නීතිවිරෝධී වැලි ගොඩ දැමීමේ කටයුතු යළි ආරම්භ කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි නාවික හමුදාව පවසනවා.

එම ප්‍රදේශයේ නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කරමින් සිටි 06 දෙනෙකු පසුගියදා නාවික හමුදාව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත මැරීන් බලඝනයට අයත් නාවිකයින් පිරිසක් විසින්.

කන්දල්කාඩු ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් සහ නාවික හමුදාව අතර පසුගිය දිනෙක ගැටුමක්ද හටගත්තා.

මේ අනුව කන්දල්කාඩු ප්‍රදේශය ආශ්‍රිතව නීතිවිරෝධීව වැලි ජාවාරමේ යෙදෙන පුද්ගලයින්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories