සැකසහිත ආකාරයට වත්කම් ඉපයීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුරුණෑගල මහරෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.
අදාළ වෛද්‍යවරයාගේ වත්කම් පිළිබද සොයා බැලීමට සහ ඔහු වත්කම් උපයාගත් ආකාරය පිළිබදව සොයා බැලීමටයි සැකකරු ඊයේ කුරුණෑගල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ.
අවුරුදු 42ක් වන සැකකාර වෛද්‍යවරයා කුරුණෑගල - නුවර පාරේ වීරසිංහ මාවතේ පදිංචිකරුවෙක්.
සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් 4,000 ක් වඳ භාවයට පත් කළ වෛද්‍යවරයෙකු පිළිබඳව ජාතික පුවත්පතක් පසුගිය බ්‍රහස්පතින්දා වාර්තා කර තිබූ අතර, එම පුවත්පතම පෙරේදා සිය පුවත යළි තහවුරු කරමින් වාර්තා කළේ තමන් චෝදනාව එල්ල කළේ සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නම් මෙම වෛද්‍යවරයාට බවයි.
වෛද්‍ය සාෆි සියාබ්දීන් වසර 13 කට අධික කාලයක් රෝහල් 3 ක ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකවලට අනුයුක්තව සේවය කර තිබෙනවා.
මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ඔහු මීට පෙර සේවය කර ඇත්තේ ගලේවෙල සහ දඹුල්ල යන මූලික රෝහල්වලයි.
මොහු, පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කර ඇති බවටද තොරතුරු වාර්තාවනවා.
එම මැතිවරණයට පෙර වෛද්‍ය සියාබ්දීන් සාෆි පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර ඇත්තේ තමන් පැය දෙකක කාලයක් සිසේරියන් සැත්කම් 8 ක් සිදුකර ඇති බවයි.
එසේම තමන් සිසේරියන් සැත්කම් 8,000 ක් සිදුකර ඇති බවද ඔහු එහිදී තහවුරු කර තිබෙනවා.
කෙසේ වෙතත් තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් කියා සිටියේ මෙම වෛද්‍යවරයා විවිධ ව්‍යාපාර සිදුකළ අයෙකු බවයි.
එම නිසා විමර්ශන සිදුකර ඔහු මුදාහැරීමට කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා කියා සිටියා.

Follow US
Most Viewed Stories