ඇප නියම වූ තඹ කම්හලේ 09 දෙනාට ටී.අයි.ඩීයේ පෙනී සිටින්නැයි නියෝග

Monday, 27 May 2019 - 11:40

%E0%B6%87%E0%B6%B4+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%B9+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+09+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%A7%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැරුණු වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයින් 9 දෙනෙකුට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද නියෝග කළා.

අනුව හෙට සිට ජූනි මස 01 වනදා දක්වා කාලය තුල මොවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා කැදවන ලෙසටයි අතිරේක මහේස්ත්‍රාත්වරයා නියම කළේ.

ඊට අමතරව මෙම නඩුවේ 10 වන සැකකරු වන කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා ජූනි මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කෙරුණා.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කියා සිටියේ අබ්දුල්ලා නැමති මෙම සැකකරු ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ ප්‍රධානියා සමඟ ඉතා සමීප සබඳතාවක් පවත්වාගෙන ගිය බවට තොරතුරු ලැබී ඇති බවයි.

අත්අඩංගුවට ගෙන ඇප නියම වූ වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයින් 09 දෙනාට අද දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කෙරුණේ පසුගිය 22 වනදායි.

ඒ, වැල්ලම්පිටිය පොලීසිය මෝසමක් මගින් සිදුකළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

අධිකරණය හමුවේ තවදුරටත් කරුණු දක්වමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි තම කොට්ඨාශය සිදුකරන බවයි.

සැකකරුවන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන්නේදැයි අතිරේක මහේස්ත්‍රත්වරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදුන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කියා සිටියේ මෙම පනත යටතේ මොවුන් සම්බන්ධනේ දැනට විමර්ශන සිදු නොකෙරෙන නමුත් ඇතැම් කරුණු තහවුරු කරගැනීම සඳහා සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය බවයි.

එම ප්‍රකාශවලට අනුව පරීක්ෂණ කළ යුත්තේ කුමන පනතක් යටතේද යන්න පිළිබඳව ඉදිරියේදී තීරණය කරන බවද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය දැනුම් දුන්නා.


 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories