ශ්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිෂන් සභාවේ කාලය දිගුවෙයි

Monday, 27 May 2019 - 12:05

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%82%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ කාලය යළිත් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන තිබෙනවා.

කොමිසමේ කාලය ලබන ජූනි මස 30 වනදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති අතර ඊට අදාල  අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගිය 24 වනදා නිකුත් කෙරුණා.

2006 වසරේ ජනවාරි මස 01 වනදා සිට 2018 ජනවාරි මස 31 වනදා දක්වා වූ කාල සීමාවේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ ශ්‍රී ලන්කන් කේටරින් සමාගම මෙන්ම මිහින් ලංකා පුද්ගලික සමාගම යන ආයතනවල සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා මෙම කොමිසම පත් කරනු ලැබුවේ 2018 ජනවාරි මස 31 වනදායි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories