කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Monday, 27 May 2019 - 14:23

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත්තේ මහරගම, බොරලැස්ගමුව, රුක්මලේ, කොට්ටාව, පන්නිපිටිය, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලටයි.

ඒ අනුව අද පස්වරු එකේ සිට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට පියවර ගත් බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories