වෛද්‍ය සාෆිට එරෙහිව දඹුල්ලටත් පැමිණිලි - පැමිණිලි නිසා කුරුණෑගල රෝහලේ තදබදයක්

Tuesday, 28 May 2019 - 7:22

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B7%86%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව මවක් දඹුල්ල පොලීසියට ද පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

ඒ, මෙම වෛද්‍යවරයා දඹුල්ල රෝහලේ සේවය කළ 2013 වසරේ සිදුකළ සිසේරියන් සැත්කමකින් පසු තමන්ට දරු ඵල අහිමි වූ බවට චෝදනා කරමින්.

මේ අතර, වෛද්‍ය සාෆිට එරෙහිව කුරුණෑගල රෝහලට ලැබෙන පැමිණිලි ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.

දැනටමත් රෝහල් පාලන අධිකාරිය වෙත පැමිණිලි 51 ක් ලැබී ඇති බව සඳහන්.

මේ හේතුවෙන් රෝහල තුළ අධික තදබදයක් ද හටගෙන තිබෙනවා. පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණි මව්වරුන් කියා සිටියේ වෛද්‍යවරයා සිදුකළ සැත්කම්වලින් පසු තමන්ට දරු ඵල අහිමි වී ඇති බවයි.

එමෙන්ම, වෙනත් ශාරීරික ආබාධවලට ගොදුරු වී ඇති බවට ද ඔවුන් එම පැමිණිලිවලින් පෙන්වා දී තිබෙනවා.

කුරුණෑගල, වාරියපොළ, ගලේවෙල, දඹුල්ල, මාවතගම, මැල්සිරිපුර, අඹන්පොළ, පොල්ගහවෙල සහ රිදීගම යන ප්‍රදේශවල කාන්තාවන් විසිනුයි මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ.

කෙසේ වෙතත්, අත්අඩංගුවේ පසුවන  සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශන මණ්ඩලයක් ද පත් කර තිබෙනවා.

මේ අතර, අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන නතර කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාට බලපෑම් කරන බවටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කළේ.

සැකසහිත ආකාරයට වත්කම් ඉපයීම සම්බන්ධයෙන් කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි කුරුණෑගල - නුවර පාරේ පිහිටි ඔහුගේ නිවසේදී  අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 24 වනදා රාත්‍රියේයි.

පසුව මෙම වෛද්‍යවරයා වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු ලැබුවා.

42 හැවිරිදි මෙම වෛද්‍යවරයා වසර 13 කට අධික කාලයක් රෝහල් 3 ක ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories