කුරුණෑගල වෛද්‍යවරයා ගැන සොයන විමර්ශන මණ්ඩලය පත් කෙරේ

Tuesday, 28 May 2019 - 10:35

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි අත්අඩංගුවට පත්වීම සහ ඔහුට එරෙහිව ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායකගේ ප්‍රධානත්වයෙන් 6 දෙනෙකුගෙන් යුත් විමර්ශන මණ්ඩලයක් පත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා විසින් මෙම පත් කිරීම් සිදුකර ඇති අතර, මසක් ඇතුළත මූලික විමර්ශන වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙසයි අමාත්‍යාංශ ලේකම්වරිය මෙම මණ්ඩලයෙන් ඉල්ලා ඇත්තේ.

පරිපාලන සේවා නිලධාරී එල්.ඒ. බස්නායක, විශ්‍රාමික ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය යූ.ඞී.පී. රත්නසිරි, ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංජීව ගොඩකන්දගේ, විමර්ශන නිලධාරී එස්.අයි. ගුණවර්ධන මෙම පරීක්ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories