උඩුගම්පොළ බැංකු කොල්ලයක් ව්‍යර්ථ වෙයි

Tuesday, 28 May 2019 - 13:40

%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගම්පහ - උඩුගම්පොළ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අද පෙරවරුවේ තියුණු ආයුධ සහිතව යතුරුපැදියකින් පැමිණ ඇති මොවුන් අදාළ බැංකුව කොල්ලකෑමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

ඒ අනුව ඔවුන් බැංකුවට ඇතුළු වී එය කොල්ලකෑමට සූදානම් වූ අවස්ථාවේ එහි ආරක්ෂක නිලධාරියා වෙඩි තැබීමට උත්සාහ දරා තිබෙනවා.

එම අවස්ථාවේ අදාළ කොල්ලකරුවන් නයිවල දෙසට පළා ගොස් ඇති බවයි පොලීසිය කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories