පොලිස් නිලධාරිනියකගේ රාජකාරියට බාධා කළ නීතිඥවරියට ඇප

Wednesday, 29 May 2019 - 14:54

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
අලූත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රධාන දොරටුව අසළ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරියකගේ රාජකාරියට බාධා කර තුවාල සිදුකිරීත්‍ම් චෝදනාවට අත්අඩංගුවට ගත් නීතීඥවරිය ඇප මත මුදාහැර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ඇය මුදාහැරීමටයි.

අද පෙරවරුවේ අධිකරණ සංකීර්ණයට ඇතුළු වන අවස්ථාවේ පරීක්ෂා කිරීමට යාමේදී පොලිස් කොස්තාපල්වරියට බාධා කළ මෙම නීතිඥවරිය ඇයව සූරා තුවාල සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම නීතීඥවරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සහ කොළඹ මහාධිකරණයේ සේවය කරන 52 හැවිරිදි තැනැත්තියක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories